කොහොමින් කොහොම හරි දැන් සියනැවෙ ඉදන් යනව යනව නව ඉවරයක් නැ... අපි ඩබලටත් මොකෝ...අනිත් සෙට් එක වගේ නෙවෙයි ,, හොදට අතපය දිග ඇරල යනව... ඔය අතරෙ මනියට පේනව මගෙ ඉස්සරහ ඉන්න පොර ටික ටික ඇබරෙනව... එහාට මෙහාට දගලනව... මිනිහගෙ මූනත් හරිනැ .... මූන නිකන් ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක්ගෙ වගේ ... "මචන් මොකද්ද අවුල " මනිය අහුව... මූගෙ කිසිම ප්රතිචාරයක් නැ..."කියපන් යකෝ මොකද්ද තොට එක පාරටම උනේ"... මේක තවත් ඇබරෙනවා... "අයියේ මට හාවෙක් අල්ලන්න ඕන" මේක කියපි... ඉතින් යකො අවුලක් නැනෙ.... "වාහනෙ නවත්තන්න කියමු... " මනිය කිව්ව..... "බැ අයියෙ මට මාමලට කියන්න ලැජ්ජයි , නන්ගිල අක්කලත් ඉන්නව...මට ලැජ්ජයි.." ..... මේකට ලැජ්ජලු.... මනිය කියන්න හැදුවට ,, මනියට කියන්න දෙන්නෙත් නැ... මනියට බයයි මේක දැන්... ඩිකියෙ හාව අල්ලයිද කියලත්... මේක ඩිකියෙ හාව ඇල්ලුවොත් ඉතින් ඉදල හමාරයිනොවැ....

මේකටත් ඉතින් කොරන්න දෙයක් නැතිම කමට අල්ලපි හාව, පෙට්රොල් කැන් එකට.... ඔන්න ඔහොමයි මනියගෙ මල්ලිකාරයෙක් හාවෙක් දඩයම් කොලේ....
පස්සෙ දවසක මනියට ආරන්චි උනා වැන් එක පෙට්රොල් නැති වෙලා පෙට්රොල් දාල මාස ගනනකට ගරාජ් ගතකොරල තියන්න උනා කියල.... ("හා" තෙල්වල පවර් එකට ;))
මේසිද්දිය නම් උනේනම් වැඩි ඈතක නෙවෙයි,,, ........සිද්දිය උනෙත්..... කොයි කවුරුත් දන්න... මනියගෙ ගජම ගජ ගජයෙක්ට.... මේක ගෙදර ගොහින් හොස්ටල් එන්න ගොඩ උනා වවුනියා කොලඹ බස් රතේකට....මේකට ඊට කලින්දා රාත්රියෙ කාපු කොත්තුව චුට්ටක් අබ්ලික් වෙලා උන්නෙ... කොහොම හරි කුරුණැගලින් නැග්ග මේක කොහොම හරි දඹුල්ලටත් කිසි කේස් එකක් නැතුව ආව...මේක බස් එකට නගිනකොටත් බන්ඩිය ජුන්ඩ ජුන්ඩ සද්ද දදාලු තිබ්බෙ... දඹුල්ල පැන්න විතරයි... මේකගෙ අධෝමාර්ගෙ කිති කැවෙන්න ගත්ත... මේක දැන් බස් එක අතුලෙ බ්රේක් ඩාන්ස්, හිප්හොප්, උඩරට , පහතරට ,මැදරට , රජරට,,, තියෙන ඔක්කොම ඩාන්ස් දානව... බස් එකේයන ඇන්ටිල , අක්කලගෙ කුඩ පාරවල් කන්න ඔන්න මෙන්න... ඇයි ඉතින් .. මේකගෙ තියන කූපාඩිකම ඕන එකෙක්ට මූන බැලුවම කියන්න පුලුවන්....
මුට දැන් ඉන්නම බැ... "මුවා" පනින්න ඔන්න මෙන්න... කොරන්න දෙයක් නැතිම කොට.. මේක දැන් හෙමින් හෙමින් ඩ්රයිවින් සීට් එක ලගට කිට්ටු වෙනව... මූට දැන් ඉන්නම බැරි කොට කියපි නේද ඩ්රයිවර් මාමට...
"අනේ බුදු මාමෙ , මට මුවෙක් අල්ලන්න ඕන..... අනේ කොහෙන් හරි නවත්තන්නකෝ , නැත්තම් මුවා මගෙ කලිසමේ".....
මල හත්තිලව්වේ... මේක හින්ද මුලු බස් එකම හෝදන්න බැ කිව්ව ඩ්රයිවර් මාමා... නැවැත්තුවෙ නැතැ බස් එක මහ කැලයක් මැද... බොන්න ගත්තු වතුර බෝතලෙත් අරන් මේක පැනපි නැතැ බස් එකෙන් එලියට...
(විනාඩි 10කට පසු )

"කොලුවො මුවා උන්නද කැලේ"
"ඔව් ඔව් මාමෙ අල්ලුවයින් ඇල්ලුවෙ නැ මෙච්චර තඩි මුවෙක්....." කියාගෙන මේක රින්ගපි ආයෙත් අර ඇන්ටිල අස්සටම... ;)
දාමු බලන්න කොමෙන්ටුවක්...
අපෙ අප්පේ මනියත් කියන ජරා කතා!!!පොඩි ළමයි කියන කතාද හැබෑටම!
ReplyDeleteකොහොමත් මනියෝ..මම උඹට කියල තියනවනේ..ලෝකේ නිවනට මෙහා තියෙන්නේ සැප දෙකයි!
එකක් "හාවා" දැමීම!!
අනික "මුවා" ඇල්ලීම!
යකො.... හාවයි අල්ලන්නෙ... මුවයි දාන්නෙ,,,, ;)
Deleteහරි හරි..කොහොම කෙරුවත් එකයිනේ..... ;)
Deleteහික්ස්.. මුවා ඇල්ලීම දැනගත්තේ අදමයි..
ReplyDeleteජය වේවා.. අදමයි මෙහෙ ආවේ..
හිකිස්.... පට්ට බුවෙක්නේ මෑන්
ReplyDelete