Friday, August 24, 2012
ලොතරැයි සිහිනය...
දින 3 , 4ක චාරිකාවක් අවසානයේ නිවැස්න කරා පැමිනෙන ගමනේදි.. මනියා බදුල්ල කොලඹ බස්රථයකට ,බණ්ඩාරවෙල නගරයෙන් ගොඩවුනාලු ඕන්.... දුර ගමන් රථයක් වූ එහි 3 දෙනා වාඩි වන seat එකක ජනේලයක් ආසන්නයේ වාඩි වූ මනියා හුදකලා කම්පනාවක ඉන්න අතරතුර මනියගෙ අනිත් seat දෙකට පුන්චි දමිල පවුලක් ආවලු... අම්මයි , තාත්තයි එයාලගෙ හුරතල් අතදරු දූ පටික්කියි...වැඩි සද්දයක් බද්දයක් නැතුව මනිය වෙන්නෙ මොනවද කියල බලා උන්න... මොකො කතාකොරන්න මනිය දමිල භාශාව දන්න එකක්යැයි...(දැන් තමා තෙරෙන්නෙ දෙවන භාශවක අගේ ඉතින්)...
හරිම අහින්සක පුන්චි පවුලක්...පෙනුමෙනම් තරමක් දුප්පත් පාටයි...ඒත් ආදරයෙන් නම් දුප්පත් පාටක් නැ... පියාගෙ මූන බැලුවම මනියට හිතුන බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන.. දුප්පත් කමින් මිරිකිලා... තමන්ගෙ දූ පටික්කිගෙ අනාගතෙ...ප්‍රානවත් කරන්න නලියන ආශාවකින් පෙලෙන අහින්සක මූනක්....
ඔන්න ඉතින් බසය බණ්ඩාරවෙල නගරය පසකරල දියතලාව පසුකරල ඉදිරියටම ඇදෙනව,,, හදිස්සියෙම බසයට ගොඩ වෙනව ...ලොතරැයි අයිය කෙනෙක්.."අද අදිනවා... අද අදිනවා... ජයමල්ල ලක්ෂ 600 යි ... අද අදිනවා" ... ඔන්න මනිය ඉන්න හරියටත් මනුස්ස්යය ආව.. මනිය ඉතින් ප්‍රතිපත්තියක් විදිහට සූදු වැඩ වලට නැහැ නොවැ...... ඉතින ලක්ෂ 600 ක් නෙවෙයි කෝටි 600 ක් කිව්වත් මනිය නොවේ අහැක් ඇරල බලන්නෙ... ඒත් අනේ අර අසරන පියාට මේක ඇහව්වම ඉහේ මලක් පිපුන වගේ...
ඒ මිනිත්තු කිහිපය තුල...ලක්ෂ 600 ඇදුනොත් කල හැකි දේවල් පිලිබද සිහින කෝටි ගනනක් ඔහුට දැනෙන්ඩ ඇති...තමන්ටම අයිති ස්පෝකභෝගී නිවසක් .. තමන්ටම කියල වාහනයක්... තම්න්ටම කියල ස්තිර ආදායම් මාර්ගයක් ... ඒ විතරක්ද... තමන් වැටී සිටින නරා වලේම තම කිරි කැටියා නොවැටී ... ඇයට හොද අධ්‍යාපනයක් ලබා දෙන්න..ඇගේ අනාගතේ යහපත් එකක් කරන්නට... තමන්ටයි බිරිදටයි ...යහතින් තම කිරි කැටියගෙ අනගතේ සුරක්ශිත කරල මියයන්න ... ආදී එකී මෙකී නොකී හීන බොහෝමයක් දකින්න ඇති... හනි හනිකට වැහරුනු රු .10 නෝට්ටු 2ක් අරගත් ඔහූ .. ලොතරැයි කරුට දී... හොදට තෝරා බේරා ලක්ෂ 600 ක ලොතරැයි පතක් ගත්ත ඕන්...
කුමක් කරම්ද ලොතරයියක ඇත්ත තත්වය දන්නා මනියා කිසිත් නොදොඩා බලා සිටියාලු...කොහොමින් හරි ලොතරයිය ඒ පුන්චි පවුලේ කිරි කැටියාගෙ වාසනා ගුනෙන් හෝ ඇදුනොත් ... ඒ අහින්සක පියාගෙත් මවගේත් මැවූ සිහින සපළ වේවි.....
Subscribe to:
Post Comments (Atom)
හ්ම්ම්..ලොතරැයිය ඇදුනනම් හොඳයි! :)
ReplyDeleteයථාර්තය...
ReplyDeleteමමත් අද ලොතුරැයියක් අරන් ආවා.. සෑහෙන කාලෙකට පස්සේ.කන්දෙවිහාරෙන්.ඒක විකුණන්න ආපු මනුස්සය ගැන අනුකම්පා හිතිලා.
ReplyDeleteඇති එකාට දෙයියෝ පැන පැන දෙන්නේ ඇයි?
ReplyDeleteනැති එකාට දෙයියෝ මුකුත් දෙන්නේ නැත්තේ ඇයි?
පෙර කල පව් පින් අනුවලු එහෙම වෙන්නේ ඇයි?
දෙයියෝ තමා ඕවා දන්නේ ෂැගියා doesn't know why?
ඇයි යකෝ උඹට මතක නැද්ද සැගියයි මායි උඹයි එදා බෝ ගහ යට ටිකට් සිරුවා??????සූදුවට නෑ!!!මේකා කියන පච....... ;)
ReplyDeleteඋඹට පොඩ්ඩක් වැරදිලා නාඩියෝ.... මම ඕවට සම්බන්ද නැතෝ...උබයි ෂැගියයි එහෙම කොලා කියලනම් මතකයි....
Deleteහ්ම්ම්..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්........
Deleteහිතේ තියෙන ජාතිවාදී හැඟීම මොහොතකට අයින්කරලා හිතුවම හිතුන පව් අසරණ දරුපැටියා කියලා. මිනිස්සුන්ගේ හිතේ කොච්චර නම් බලාපොරොත්තු තියෙනවද? ඒත් ඉටුවෙන්නේ කීයෙන් කීයද? කිරි කැටියාගෙ වාසනා ගුනෙන් හෝ ඇදුනොත් ... ඒ අහින්සක පියාගෙත් මවගේත් මැවූ සිහින සපළ වේවි..... මමත් එසේම පතනවා. ඔන්න අයි මනියගේ ගෙදරට එන්න පාර හොයාගත්තේ
ReplyDelete