maniya talkz: මෙලෝ දෙයක් කම්පනාවට එන්නෙ නැ ඕයි...

Wednesday, July 11, 2012

මෙලෝ දෙයක් කම්පනාවට එන්නෙ නැ ඕයි...


බ්ලොගය ලියන්න කලින් නම් මනියට ගොඩාරියක් දේවල් තිබ්බ ලියන්න හිතාගෙන හිටිය.
ඒත් අම්මප දැන් නම් මෙලෝ සසරක් කම්පනාවට එන්නෙ නැනොවැ..
මේ දවස් වල දවස ගෙවෙන්නෙ ඉතින් පුටුවක් උඩට වෙලා 15'6 කොටුව දිහා බලා ඉන්න එකෙනුයි, දවස පුරාම ඇලර්ට් දදා ඉන්න එකෙනුයි තමා ඕන්...

මනියගෙ ජීවිතේ මෙතෙක් කරපු දේවල් දිහා ආපසු හැරිල බලනකොට තමා තෙරෙන්නෙ,,  කරල තියෙන්නෙ වැඩ කොච්චර අල්ප ප්‍රමානයක්ද කරල තියෙන්නෙ ,,, තව ඔක්ච්චර ජීවිතේ ඉස්සරහට වැඩ කරන්න තියනවද කියල හැබයි කරපු දෙවල් දිහා හැරිල බලනකොට කවදාවත් පසුතැවිලි වෙන්න දෙයක්නම් කරල නැ නේද කියල හිතෙනකොට අහින්සක සතුටක් දැනෙනව..
නමුත් ජීවිතේ මෙච්චර නාකි වෙලත් තාම මනිය කැම්පස්නෙ,නේද කියල හිතෙනකොට හීනියට වගෙ දුකකුත් නැතුව නොවෙයි.
"උගතමනා ශිල්පයමයි මතු රැකෙනා" 
කියන තියරි එකට අනුව හිතුව මනියගෙ අම්මටයි ,තාත්තටයි ඕනි වුනේ , ඔවුන් ලබුවාට වඩා
 ඉහල අධ්යාපනයක් මනියට දෙන්න....පාසලේ 5 වසර කඩයිමේදි හෙවනැල්ලක් වගෙ හිටපු අම්ම නිසා ... ඒකත් ගොඩදා ගත්ත...6,7,8,සහ 9 වසර වලදි මොට්ට පාල කෙනෙක් වුන මනියට .... ඉන්න ට්‍රැක් එක මාරු කරන්න ඕනි කියල හිතුනෙ... අසරන අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු ඉටු කරන්න ඕනි කියන සිතිවිල්ල බොක්කටම වැදුනෙ ,9 වසර වාර අවසාන විභාගයෙ ප්‍රතිපල දැක්කම ...කොහොමින් කොහොම හරි 10 ,11 වසර වලදි ගොනා ගානට වැඩ නොකර.... ජරමර අබිලික් වැඩ අස්සෙ..අධ්යාපනය ගැනත් හිතුව නිසා විශයන් 10න් 9 කට කවුරුත්හොදයි කියල කියන අකුරක් ගත්ත....
ඒකත් ඉවරයි... 
ඒත් පූරුවෙ කරපු පිනකට ඒ ලෙවල් පන්තියෙ 3 පාරක්ම ඉන්න වාසනාව උදා වුනා....
ඒකත් ගොඩ දාපු  මනිය කැම්පස් ආව ඕන්...
මේකට ඇවිල්ලත් තව කොච්චර කාලයක් ඉන්න වෙයිද දන්නෙ නැ...
මොකද කියනවනම් රටේතියන පාලන තන්ත්‍ර වල ගොන්බූරු ක්‍රියා කලාප නිසා අසරණ වෙන්නෙ මනිය වගෙ අහින්සක ශිශ්යයො..
ඒමදිවට non-academics ලා strike....ඒක ඉවර වෙනකොටම lecturers ලා strike ...පොදු ඉල්ලීම් සමූහයක් නිසා වෙන්න පුලුවන්... ඒත් අපිට මේ හත්තිලව්වක් හින්ද ගෙදෙට්ට වෙලා
බකන්නිලාගෙන ඉන්න වෙලා ...කවුරු කොහොම කිව්වත් ඇත්ත ඒකයි....
මනිය හිතන විදිහටනම්...කවුරු කොච්චර අසරන වෙලා හිටියත්... දෙයක් වෙනුවෙන් තවත් කෙනෙක්ගෙ ජීවිත බිල්ලට දෙන එක බොහෝම වැරදියි...
කැම්පස් එකේ අවුරුදු 3 ඩිග්‍රිය ඉවර කරන්න අවුරුදු 5ක් යනවනම් මොකද්ද ඒකෙ තියන වටිනාකම... ජීවිතයෙ වටිනාම, තරුණ කාලයම පොත්ගොඩකට යටවෙලා ඉන්න වෙන එකේ තියන අර්තය මොකද්ද...කොල්ලෙක්ටනම් ටිකක් හරි ශේප් කියමුකො... ඒත් කෙල්ලො,,,,, උන් මේකටම නාකිවෙලා  final year වෙනකොට ... කසාද බැදල බඩවලුත් උස්සගෙන lectures යන තත්වයක් උදාවෙන එක සිකුරුයි...
කොතනද වැරැද්ද...??


Strike කරන මොවුනුත් බොහෝ දෙනෙක් සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහත්මයගෙ නිදහස් අද්යාපනේන් පාසල් විශ්ව විද්යාල වලට අවුත් ඉගෙනගෙන ඉහලට පැමිනි බුද්ධිමත් පුද්ගලයො..... අලගෙඩි තරම්වත් මොලයක් නැති පාලක පක්ශයෙන්... තම ඉල්ලීම් දිනාගනිම උදෙසා වැඩවර්ජන ක්‍රියත්මක කිරීම නිසා ,,,, රටට අහිමි වන්නෙ... රටේ අනාගත ශ්‍රම බලකායමයි...
මෙය අධ්යාපනයට පමනක් පොදු වූවක් නොවෙයි... රටේ අනෙකුත් ක්ශෙත්‍රයන් දෙස බලුවත් දැකිය හැකි පොදු දෙයක් බවට පත්වී හමාරයි....ඇත්තටම මනියට මේ ක්‍රමය ගැන තියෙන්නෙ මහ පිලිකුලක්...
ඇතැම්විට කෙනෙක් මනියගෙ කතාවට සම්පූර්න ප්‍රතිවිරුද්ද මතයක් දරන්න පුලුවන්... තවකෙක් කියයි මනිය මහා ආත්මාර්තකාමියෙක් කියල... නමුත්... ඒක මනියගෙ අදහස....


දාමු බලන්න කොමෙන්ටුවක්....




2 comments:

  1. "ඒත් කෙල්ලො,,,,, උන් මේකටම නාකිවෙලා final year වෙනකොට ... කසාද බැදල බඩවලුත් උස්සගෙන lectures යන තත්වයක් උදාවෙන එක සිකුරුයි..."
    උඹට මොකද්ද තියෙන රිඩාව ඉතිං....?? :පි
    මේකනම් ඇත්ත කතාව බං !මටත් දැන් හොදටම ඇති වෙලා තියෙන්නේ!

    ReplyDelete
  2. මට ඇති රුදවක් නැ බන්.... මම කිව්වෙ වෙන්න පුලුවන් දේ....

    ReplyDelete