maniya talkz: මනියා හොස්පිට්ල් යයි.

Sunday, June 24, 2012

මනියා හොස්පිට්ල් යයි.

ඉස්ස ඉස්සෙල්ලාම කොටන බ්ලොගයෙ, පටන් ගන්න වෙන්නෙනම් මනියට උන අකර තැබ්බයකින් තමා....අකරතබ්බයක් කිව්වට ඉතින් එහෙම එකක්ම නෙවෙයි... කාලයක් තිස්සෙ මනියට තිබ්බ පොඩි සීන්කෝන් එකක් නිසා ඇතිවෙච්චි දෙයක්...

ඔන්න්න ඉතින් මනිය එදා උදේ පාන්දරම  බස් රතේක නැගල ගියා කියමුකො ගම්පහ මහ ඉස්පිරිතාලෙට,
මනියගෙ අම්මත් ආව නිසා මනිය ෆුල් ඩීසන්ට් කොල්ල ගානට යනවා... ගම්පහ කියන්නෙ ඉතින් උදේ පාන්දරට බාලිකාවියන්ගෙන් පිරී ඉතිරී , තවත් ඉතිරී ගිය නගරයක් නෙවෙයිනෙ... ;) හි හි...
කොහොමින් කොහොමින් හරි පාරදිගේ ගොනා ගානට ඉස්පිරිතාලෙටත් ගියා ඕන්...
මනිය ගියේ බෙහෙත් ගන්න නම් නෙවෙයි...ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙන්න... මනියට ඔපරේශන් එකක් කරන්න වෙලා....


කොහොමින් කොහොමින් හරි මනියව දැම්ම වාට්ටුවට.... ... ඔන්න එතන න්ර්ස් නෝන එනකම් හිටිය හිටිය හිටිය ... තාම නැ...   පුරුවෙ කරපු පිනකටද මන්ද.... නින්ද ගියපි පුටුව උඩම....  මනිය ටීක් ටීක් සිහින ලෝක වල සැරිසරද්දි.... .... මොන මල යක්ශයෙක්ද මන්ද ... බෙල්ල මිරිකුවෙ නැතැයි.... "නර්ස් නෝන ඇවිල්ලා............"   :(   අයියෝ මගෙ ටීක් ටීක් හීනෙ.....

ඔය කටයුතු ඔහොමින් ඔහොම සිද්ද උනාම... ගියා දෙයියනේ කියල ඇදට... ඊට පස්සෙ තමා ,,, පජාතම සිද්ධිය වුනේ.... උපන්ගේකට සරමකට නොබැස්ස මනිය ,,, සරමට බැස්සා..... සරමට බැස්සට වඩා ඉක්මනට කවදත් පුරුදු ශොර්ටට බැස්ස මනිය ,,,(ශෝර්ටට බහින්ඩ හේතුව පජාතම පජාතයි ) 

.ඔයින් පස්සෙ වටේ පිටෙ උන්නු රෝගින් එක්ක පුන්චි චැට් පාරක් දැම්මා....ඕකෙන් තමා හෙට වෙන්න පුලුවන් විපත්තියක තරම මනියට තේරුනේ... මොකද කියනවනම් ... මනිය විතරයි ,,, එතන ප්‍රසිද්ධියෙ කියන්න පුලුවන් තැනක් ,,, ඕපරේශන් කොර ගන්න ඇවිල්ල හිටියෙ.... බැරි වෙලාවත් දොස්තර මහත්මයට ,,, ලෙඩා කවුද කියල මිස් උනොත්... ඉතින්..මනියගෙ අනාගතේ සදහටම ඉවරයිනොවැ... රැ කැමන් පස්සෙ ,, මාරි පැකට් 1යි,උදේ ගෙනාපු බනිස් ජෝඩුවයි, ආනමාලු ගෙඩි 2කිනුයි සප්පායම් උන මනිය (රැ 10 සිට ආහාර නැවත්විය යුතු නිසා) දෙයියො බුදුන් සිහිකරගෙන... "හෙට මාගේ අසවල් අවයවය බේරා දෙත්වා" කියා නින්දට වටුන ඕන්...

පසුදින උදැසන,
මල හත්තිලව්වෙ මගෙ ෆෝන් කටුවට නිවනක් නැ.. යකො මම තාම මැරිල නැ....හතරවටෙන් කෝල් කෝල්.... "එහෙනම් පරිස්සමින් ඔපරෙට් කරගන්නකො...බුදු සරණයි".. මොනව උනත් මනියට ටීක් ටීක් කට්ටිය මනියට ....ආශිර්වාදකලා...
සුදෝ සුදූ වතින් සැරසුනු මනියා ඇතුලු ,මනියා සමග මිතුරුවූ වාට්ටුවේ සිටි ඉතිරි රොගී කස්ටිය... මරන්න ගෙනියන මීහරක් රැල වගේ... තියටර් එක බලා පාගමනේ යෙදුන...ඇත්තටම කිව්වොත් මනියට තිබ්බ ලොකුම බය තමා... මනියගෙත් ,අනිත් කස්ටියගෙ කපන්න යන තැනම කපයි කියල... මගුලක් වෙනවනෙ එහෙම උනොත්..(මගුලක් කොර ගන්න වෙන්නෙ නැ ඉතින්..)

එක එක රෝගියා තියටරය තුලට යයි...දැන් මනියාගේ වාරය...ඉතාමත් උද්වේගකර අවස්තාවක්...තියටරය ඇතුලට ගොහින් වාඩි උනා විතරයි.. දෙයියෙක් වගේ මනියගෙ බය අදුරගත්තු දොස්තර මහත්තය..."පුතා කොහෙද ඔපරේට් කරන්න තියෙන්නෙ "කියල අහැව්ව.... මනිය ඉතින් මෙන්න මෙතන කියල...පපුව මැදටම ඇගිල්ල ඔබාගෙන උන්න... ඒකත් හරි ඕන්...:)  ඒක කියනවත් එක්කම...ගහපි නේද කටුවක් මැනික් කටුව යටින්... මනියට උම්බැ කිය වුනේ නැතිටික විතරයි.. ;)  ඔන්න ඉතින් ඊටපස්සෙ හොදට හුස්ම ගන්න කියල අල්ලුව මින්ට් සුවද මුඛවාඩමක් ... මනියගෙ මනෝකාය නිකන් පාවී පාවී යනව දැනුන මනියට මතක එච්චරයි...

සිහිය එනකොට ආයෙමත් ඇදේ.. හැරෙන්නවත් පන නැ....පපුවෙ ප්ලාස්ටර් කෝටියයි.... කොහොමින් කොහොමින් හරි කොට්ටෙ අස්සට අත දාල ,, ෆෝන් කටුව හොයාගෙන.. ගත්තා ඇමතුමක් ගෙදෙට්ට... ඒක ඉවර වෙනවත් එක්කම...ටීක් ටීක්ගෙන් ඇමතුමක්, ටීක් ටීක් ඇමතුම ඉවර වෙනව විතරයි මනියට ආයෙත් මතක.....

මනිය ආයෙත් ඇහැරුනෙ... ටීක් ටීක් ඇමතුමකින්... නාඩියා(මනියාගේ බොක්කක්) නම් නාඩි දාන සතා කරන ලද බලල් වැඩක් නිසා... මනියගෙ මගුලත් ඉවර වෙනවා තව ඩින්ගෙන්..
 මේ සතා,, දාලනෙ මනියගෙ ෆේස්බුකියෙ,,, ..මනියා සහ සුදු දොස්තර නෝන කෙනෙනෙක් ඈදල පෝස්ට් කැල්ලක්... මේක දැක්ක අදාල අදාල කස්ටියට, මනිය ගැන යන්නෙ කොච්චර වැරදි ආකල්පයක්ද  ... මන් අහන්නෙ... මැරෙන්න ඔන්න මෙන්න ඇදට වැටුන එකෙක්ට කරන්න ඕනි වැඩක්ද මේ... මනිය හොද ඩීසන්ට් කොල්ල......
ඕවගෙ හතර වරන් සිද්දි ගොඩාරියක් අස්සෙ මනිය ,එදාම හවස ගෙදර ආවෙ,,, නාඩියගෙ බෙල්ල මිරිකන බලාපොරොත්තුවෙන්....

මනියා දැන්  සුව අතට හැරෙමින් සිටී...




සැ.යු. :-
මෙහි එන "ටීක් ටීක්" වනාහි... කිසිසේත්ම සුද්ද සින්හල වචනයක් නොවන් අතර..... මනියාට මීට ටික කලක සිට ආවේනික වූ වචනයකි...

3 comments:

  1. උඹට බය වෙන්න දෙයක් නෑනේ බං!උඹේ කොහේ කියලා කපන්නද? :පි
    අනික තොට අයෙ මොන මගුල්ද?කොරන්න ඕනේ ඔක්කොම මගුල් කරලනේ ඉන්නේ! මොනවා උනත් "ටීක් ටික්" හොද එක්කෙනා!මනියා කෑවේ නෑ කියල බීල තිව්වේ කිරි විතරයි..මනියට සිහිය නැති කොරලා කියල දැනගෙන ඒ වෘෂබ රැජිනත් මනියා දුන්න ලේන්සුවක් මුණට අල්ලගෙන සිහි නැති වෙලා!

    ReplyDelete
    Replies
    1. නාඩිටත් කට පියාන ඉන්න බැරුවට බොරු සද්ද දානව...උබ අහුවෙනකම් හිටියෙ තොගෙ බොටුව කඩන්න... යකෝ උබ මොනවද ටීක් ටීක් ගැන දන්නෙ.... පුන්චි මාලුව අල්ල ගන්න බැරිකොට...:

      Delete
    2. ඔව් ඔව්..මම ටික් ටික් ගැන දන්නේ නෑ!මම බබානේ!පුංචි මාළුවා??කවුද යකෝ මාළු අල්ලන්න ගියේ????

      Delete