maniya talkz: කුමක් ලියන්නද කියා සිතමි මම.

Monday, August 12, 2013

කුමක් ලියන්නද කියා සිතමි මම.


මා කුඩා අවදියේ තිබූ මාගේ රචනයේ හැකියාව දැන් වියැකී ගිහින්ද…?මා කුඩා අවදියේ මා හට ලිවීමට අදහස් සිය දහස් ගනනක් ආවත් ,එයින් ප්‍රරයෝජනයක් නොගත් මාහට, හුදෙක් මාගේ අදහස් සිතිවිලි වල පමනක් තබා හුන් මා හට. දැනුදු දෛවයේ සරදමක් මෙන් ,ලිවීමට හැකි විට එකදු අදහසක් හිසට නොඑන්නෙ මන්ද…කාලයාත් සමග මාගේ පරිවර්තනය මා හටම වදයක් නොවේද…තමන් විසින් තමන්ම පිළිකුල් කරන්නෙක් බවට පත් වී ඇති බවටනම් දැන් කිසිදු සැකයක් නැත…බිත්ති හතරකට කොටුවී කාලය කා දමමින් ,ජීවත් වනවාට ජීවත් වෙමින් ,ඉගෙන ගන්නවාට ඉගෙන ගමින්, කන්න ඕනැවට කමින් බොමින් සිටිනා මේ ජීවිතයේ ඵලය කිම…කිසිදු අරමුනක් නොමැතිව පාලු කාන්තාරයක සුලගට ගසාගෙන යන දූවිලි රොදක් මෙන් සිටිනා මේ ජීවිතයේ ඵලය කුමක්ද..? 


කුඩා අවදියේ සිට පාසලේ පන්තියේ සිටි අති දක්ශ සිසුවෙක්ද, කලා හැකියාවලින් කෙල පැමිනි අයෙකද, දඩබ්බර කෙලිලොල් කටකාර සිසුවෙක්ද නොවූ මා,වර්තමානයේ මා හට පෙනෙනා ආකාරයෙන් ,එකල මා පතෝලයෙක් බදු වූ නිසාවෙන්ද මේ..? එකල මා හට කියැවීම යනු වහ කදුරු වෙනි දෙයක්ය,නමුත් අහිංසක සිතේ කවදා හෝ පොතක් ලියමි, යන සිතිවිල්ල ජනිත වීමට මාගේ මවගේ රැකියාවවත් බලපැවේද… කුඩා අවදියේ “මම පොතක් ලියමි.” යන සිතිවිල්ල මුදුන් පමුනුවාගෙන,සිතූ සිතිවිලිනම් අපමනය. නමුත් එම සිතිවිලි කොලයක සටහන් තබන්නට නොසිතුනේ මන්ද… පැය ගනන් ,දින ගනන් ,හුදෙක් මනෝ ලෝක වල සැරි සරමින්, එකිනෙකට එකක් සිද්ධි ගලපමින් එකිනෙක ගැට ගසමින්… සිටීමෙන් ඵලයක් වූ බවන්ම් මා හට නොපෙනේ… හුදෙක් මා දැන් කරන්නේද එම කුඩා අවදියේ තිබූ ආශාවට ,ලියන්න ඕනැවට කරන ලිවීමක්ද… මෙය මා හටම නොවැටහේ…මෙය කියවීමෙන් ඔබට කිසිදු ඵලයක් නොවන බවනම් ඒකාන්තයෙන් විශ්වාසය… නමුත් මා නොනවත්වා ලියමි… ලිවීමට හැකියාව ලැබෙන තුරාවට ලියමි…කුමක් ලියන්නද සිත සිතා ලිවීමට නොසිතෙනා තුරාවට මා නොනවත්වා ලියමි…

ධිර්ග නිහඩියාවකට පස්සේ මනියා ආයෙත් ලියන්ඩ පටන්ගත්ත ඕන්.....

2 comments:

  1. හරි මනියා ලියපන් හොඳට. අපි එනවා කියවන්න.

    ReplyDelete
  2. හප්පේ යාන්තම් ඇති ඔන්න!

    ReplyDelete