maniya talkz: පණුගායට අත් බෙහෙතක්

Sunday, October 28, 2012

පණුගායට අත් බෙහෙතක්


ඔන්න ඉතින් මනියා කාලෙකට පස්සෙ ආයෙත් බ්ලොගයක් ලියනවලු ඈ ...මේ පාර මනිය ගෙනාවෙ අපි කාට කාටත් තියන ..පුන්චි පහේ රෝගෙකට බේතක්....දන්නවනෙ ඉතින් අපි කාට කාටත් තියනවනෙ පණු අමාරු …ඔන්න ඉතින් මේ පණු අමාරුව නිට්ටාවටම සුව කොරන බේතක් තම මේක…මනිය පහු ගිය කාලෙ වන  ගත වෙලා ඉන්නැද්දි හම්බ වෙච්ච භාවනා යෝගී ඉසිවරයෙක් තමා මේක මනියට කියාල දුන්නෙ….කියමු බලන්න මේ පණුන් බඩෙන් එලියට ගන්න කරමයක්..

අවශ්ය දැ...

# කිකිළි බිත්තරයක්
# පොල්තෙල් ස්වල්පයක්
# කුඩා කලු ගල් කැබැල්ලක්
# හාල් ඇට ස්වල්පයක්
# ඩයින මයිට් කරලක්
# ගිනිපෙට්ටියක්

ඔබට නිවසේදීම සිදු කර ගත හැකි අත් බේතක් වන මෙය , පණු අමාරු වලින් පෙලෙන ඔබත් අදම අත් හදා බලන්න…

ප්‍රතිකාරය සිදුකරන ආකාරය…

1.කිකිළි බිත්තරය ගන්න.. එය මතු පිට පොල්තෙල් ස්වල්පයක් තවරා කටුව නොබිදෙන ආකාරයට ගිලින්න..

2.මින්පසු හරියටම බිත්තරය මතුපිටට පතිත වන සේ..කුඩා කලු ගල් කැබැල්ලද ගිලින්න..



{මෙහිදී බිත්තර කටුව බිදී ,කුකුලු පැටවකු එලියට පැමිනෙනු ඇත..  කුකුලු පැටවා ඔබගේ බඩේ සිටිනා සියලු පනුවන් ඔහුගේ ආහාරය කර ගනු ඇත… ඔබගේ පණූ ප්‍රශ්නය දැන් විසදී හමාරය}

දැන් ඇත්තේ කුකුලු පැටවා එලියට ගැනීමේ මෙහෙයුමය…


3. මේ සදහා සපයා ගත් හාල් ඇට ස්වල්පය ඔබගේ අල්ලට ගන්න… ඔබට විශ්වාසවන්ත සගයෙකු සිටී නම් ඔහුගේ අතට හාල් ඇට ස්වල්පය, ලබා දී … එය ඔබගේ පක්ශාත් භාගයට අල්වා   “ ඉන්ජි බා බා… බා බා…  ඉන්ජි බා බා බා..බා … බා…” යන ස්වරයෙන් කුකුලු පැටවාට හඩ ගසන්න … මෙහිදී නොවරදවාම කුකුලු පැටව ඔබගෙ අතේ ඇති හාල් ඇට කනු පිනිස ,, ඔබගේ පක්ශාත් බාගයෙන් එලියට පැමිනෙනු ඇත..


{දැන් ඔබගේ පණු ප්‍රශ්නය සම්පූර්නයෙන්ම විසදී හමාරය…, එහෙත් දැන් පොඩි අවුලක් ඇත.. ඔබගෙ බඩේ ගලක් ඇත..}

දැන් මෙහෙයුම දියත් කල යුත්තේ ඔබගේ බඩේ ඇති ගල ඉවත් කිරීම සදහාය….ගේමක් නැ …කල යුත්තේ ගල කුඩු කර අධෝ මාර්ගය හරහා යැවීමට සැලස් වීමයි..


4. මෙහිදී ගල කැබලි කිරීම සදහා.. ඔබ සපයාගත් ඩයිනමයිට් කරල , ඔබගේ මුක මාර්ගයෙන් හෝ..ඔබගේ *ක මාර්ගයෙන් බඩට ඇතුල් කල යුතුය..,(සැයු…ඩයිනමයිට් කරල ඇතුලු කිරිමේදි ,එහි වෙඩිබේත් නූල ,එලියට පැමින සිටින සේ ඇතුලු කල යුතුය..
5.දැන් ඔබගේ ගිනි පෙට්ටිය ගන්න … ඩයින මයිටය පත්තු කරන්න… ඔබගේ බඩේ ඇති ගල කුඩුවනු ඇත…

ඔබගේ පණු අමාරු දැන් නිඨ්ටාවටම සුවයි…
මෙහිදී ඔබ භාවිතා කල ගල ඉවත් කිරීමේ ක්‍රමය ,, බඩේ ගල් ඇති අය සදහාද අත්දුටුයි ,ප්‍රත්යක්ශයි…;)

(මෙය හුදෙක් අත් බෙහෙතක් වන අතර,ප්‍රතිකාර වලින් පසු කිසිම වගකීමක් ,ලියුම් කරු සතු නොමැති බව කරුනාවෙන් සලකන්න..)

8 comments:

  1. අඩෝ! මේක අපි ටෙස්ට් කරලා බලමුද?????අඩේ කරමු බං! උඹට කොහොමත් පණු ගායනේ! ඉතින් කොරලා බලමු!!!!

    ReplyDelete
    Replies
    1. ටෙස්ට් කොරල බලන්ට දෙයක් නැ බොලන්... මේක දැනටමත් ටෙස්ට් කොරල බලල තියෙන්නෙ... බොට නොතේරුනාට උබේ පණු ගාය අඩ උනේ මේ බේතෙන් තමා...

      Delete
  2. හෑ... :O
    මං පනුච්චි අදමයි ආවේ මේ පැත්තේ... පනුවන් විනාස කිරීම සඳහා ගෙන යන මේ ප්‍රයත්නය පනුච්චියෙක් ලෙස හෙළා දකිමි.
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!

    ReplyDelete
    Replies
    1. පණුච්චිගෙ හිත රිදුනනම් සොරි හොදේ..........පණු ගායෙන් පෙලෙන අපේ එවුන්ට ඒක නැති කොර ගන්න අදහසින්නොවැ දැම්මෙ ඕන්...

      Delete
  3. ela..ela.. kohenda hoya gatte? thum panen da?

    ReplyDelete
  4. අම්මපා මාර අත් බේතක්නේ බොල. පනුච්චි විරුද්ද වුනාට මේ බේත ව්‍යාප්ත කරපං බං නියම යි.
    අදම තමා ආවේ සුබ පැතුම් කොල්ලෝ.

    ReplyDelete
  5. පට්ට ආතල් කෙමක් මචං. මේ වගේ පුරාණයේ ඉඳං පැවතෙන කෙම් ක්‍රම තව හොයලා දාපං.

    ReplyDelete
  6. කාලයකින් ලියුවේ නැත්තේ ඇයි

    ReplyDelete