maniya talkz

Thursday, August 29, 2013

ස්ටඩි ලීව් එක





 එහෙට යයි මෙහෙට යයි උඩ බලයි බිම බලයි
දැන් කුමක් කරම්දෝ සිතමි මන් සිතමි මන්
කුමක් කල යුතුව ඇත්තේද දැන්, දනිමි මන් සොදවාම
නොදත් උන් දැනගන්න මගේ ස්ටඩි ලිව් එක

නැගිටිද්දි එක වරයි
මහ දවල් තව වරයි
රැ නිදන යහනේද තව වරයි
හැකිය මට හැකිය මට අතිරේක වාරයන්ද
මේ හොදම කාලයයි, නියමමම කාලයයි
පරික්ෂා කර බලමි නිතිපතා නොවැරදී
මේ මගේ ශක්තියයි ,අසීමිත ශක්තියයි
තත්පර කීහිපයට ලැබූ තුට මෙච්චරයි

පාලනය කර ගනිමි, මෙතක් කල් නොවූ සිත
හැකි වේද කරන්නට තනි අතින් මට
හැකිය දැන් හැකිය නොවරදවාම දැන් මෙමට
ස්ටඩි ලීව් එක නිමා විය නොකියාම.

Monday, August 12, 2013

කුමක් ලියන්නද කියා සිතමි මම.


මා කුඩා අවදියේ තිබූ මාගේ රචනයේ හැකියාව දැන් වියැකී ගිහින්ද…?මා කුඩා අවදියේ මා හට ලිවීමට අදහස් සිය දහස් ගනනක් ආවත් ,එයින් ප්‍රරයෝජනයක් නොගත් මාහට, හුදෙක් මාගේ අදහස් සිතිවිලි වල පමනක් තබා හුන් මා හට. දැනුදු දෛවයේ සරදමක් මෙන් ,ලිවීමට හැකි විට එකදු අදහසක් හිසට නොඑන්නෙ මන්ද…කාලයාත් සමග මාගේ පරිවර්තනය මා හටම වදයක් නොවේද…තමන් විසින් තමන්ම පිළිකුල් කරන්නෙක් බවට පත් වී ඇති බවටනම් දැන් කිසිදු සැකයක් නැත…බිත්ති හතරකට කොටුවී කාලය කා දමමින් ,ජීවත් වනවාට ජීවත් වෙමින් ,ඉගෙන ගන්නවාට ඉගෙන ගමින්, කන්න ඕනැවට කමින් බොමින් සිටිනා මේ ජීවිතයේ ඵලය කිම…කිසිදු අරමුනක් නොමැතිව පාලු කාන්තාරයක සුලගට ගසාගෙන යන දූවිලි රොදක් මෙන් සිටිනා මේ ජීවිතයේ ඵලය කුමක්ද..? 


කුඩා අවදියේ සිට පාසලේ පන්තියේ සිටි අති දක්ශ සිසුවෙක්ද, කලා හැකියාවලින් කෙල පැමිනි අයෙකද, දඩබ්බර කෙලිලොල් කටකාර සිසුවෙක්ද නොවූ මා,වර්තමානයේ මා හට පෙනෙනා ආකාරයෙන් ,එකල මා පතෝලයෙක් බදු වූ නිසාවෙන්ද මේ..? එකල මා හට කියැවීම යනු වහ කදුරු වෙනි දෙයක්ය,නමුත් අහිංසක සිතේ කවදා හෝ පොතක් ලියමි, යන සිතිවිල්ල ජනිත වීමට මාගේ මවගේ රැකියාවවත් බලපැවේද… කුඩා අවදියේ “මම පොතක් ලියමි.” යන සිතිවිල්ල මුදුන් පමුනුවාගෙන,සිතූ සිතිවිලිනම් අපමනය. නමුත් එම සිතිවිලි කොලයක සටහන් තබන්නට නොසිතුනේ මන්ද… පැය ගනන් ,දින ගනන් ,හුදෙක් මනෝ ලෝක වල සැරි සරමින්, එකිනෙකට එකක් සිද්ධි ගලපමින් එකිනෙක ගැට ගසමින්… සිටීමෙන් ඵලයක් වූ බවන්ම් මා හට නොපෙනේ… හුදෙක් මා දැන් කරන්නේද එම කුඩා අවදියේ තිබූ ආශාවට ,ලියන්න ඕනැවට කරන ලිවීමක්ද… මෙය මා හටම නොවැටහේ…මෙය කියවීමෙන් ඔබට කිසිදු ඵලයක් නොවන බවනම් ඒකාන්තයෙන් විශ්වාසය… නමුත් මා නොනවත්වා ලියමි… ලිවීමට හැකියාව ලැබෙන තුරාවට ලියමි…කුමක් ලියන්නද සිත සිතා ලිවීමට නොසිතෙනා තුරාවට මා නොනවත්වා ලියමි…

ධිර්ග නිහඩියාවකට පස්සේ මනියා ආයෙත් ලියන්ඩ පටන්ගත්ත ඕන්.....

Sunday, October 28, 2012

පණුගායට අත් බෙහෙතක්


ඔන්න ඉතින් මනියා කාලෙකට පස්සෙ ආයෙත් බ්ලොගයක් ලියනවලු ඈ ...මේ පාර මනිය ගෙනාවෙ අපි කාට කාටත් තියන ..පුන්චි පහේ රෝගෙකට බේතක්....දන්නවනෙ ඉතින් අපි කාට කාටත් තියනවනෙ පණු අමාරු …ඔන්න ඉතින් මේ පණු අමාරුව නිට්ටාවටම සුව කොරන බේතක් තම මේක…මනිය පහු ගිය කාලෙ වන  ගත වෙලා ඉන්නැද්දි හම්බ වෙච්ච භාවනා යෝගී ඉසිවරයෙක් තමා මේක මනියට කියාල දුන්නෙ….කියමු බලන්න මේ පණුන් බඩෙන් එලියට ගන්න කරමයක්..

අවශ්ය දැ...

# කිකිළි බිත්තරයක්
# පොල්තෙල් ස්වල්පයක්
# කුඩා කලු ගල් කැබැල්ලක්
# හාල් ඇට ස්වල්පයක්
# ඩයින මයිට් කරලක්
# ගිනිපෙට්ටියක්

ඔබට නිවසේදීම සිදු කර ගත හැකි අත් බේතක් වන මෙය , පණු අමාරු වලින් පෙලෙන ඔබත් අදම අත් හදා බලන්න…

ප්‍රතිකාරය සිදුකරන ආකාරය…

1.කිකිළි බිත්තරය ගන්න.. එය මතු පිට පොල්තෙල් ස්වල්පයක් තවරා කටුව නොබිදෙන ආකාරයට ගිලින්න..

2.මින්පසු හරියටම බිත්තරය මතුපිටට පතිත වන සේ..කුඩා කලු ගල් කැබැල්ලද ගිලින්න..



{මෙහිදී බිත්තර කටුව බිදී ,කුකුලු පැටවකු එලියට පැමිනෙනු ඇත..  කුකුලු පැටවා ඔබගේ බඩේ සිටිනා සියලු පනුවන් ඔහුගේ ආහාරය කර ගනු ඇත… ඔබගේ පණූ ප්‍රශ්නය දැන් විසදී හමාරය}

දැන් ඇත්තේ කුකුලු පැටවා එලියට ගැනීමේ මෙහෙයුමය…


3. මේ සදහා සපයා ගත් හාල් ඇට ස්වල්පය ඔබගේ අල්ලට ගන්න… ඔබට විශ්වාසවන්ත සගයෙකු සිටී නම් ඔහුගේ අතට හාල් ඇට ස්වල්පය, ලබා දී … එය ඔබගේ පක්ශාත් භාගයට අල්වා   “ ඉන්ජි බා බා… බා බා…  ඉන්ජි බා බා බා..බා … බා…” යන ස්වරයෙන් කුකුලු පැටවාට හඩ ගසන්න … මෙහිදී නොවරදවාම කුකුලු පැටව ඔබගෙ අතේ ඇති හාල් ඇට කනු පිනිස ,, ඔබගේ පක්ශාත් බාගයෙන් එලියට පැමිනෙනු ඇත..


{දැන් ඔබගේ පණු ප්‍රශ්නය සම්පූර්නයෙන්ම විසදී හමාරය…, එහෙත් දැන් පොඩි අවුලක් ඇත.. ඔබගෙ බඩේ ගලක් ඇත..}

දැන් මෙහෙයුම දියත් කල යුත්තේ ඔබගේ බඩේ ඇති ගල ඉවත් කිරීම සදහාය….ගේමක් නැ …කල යුත්තේ ගල කුඩු කර අධෝ මාර්ගය හරහා යැවීමට සැලස් වීමයි..


4. මෙහිදී ගල කැබලි කිරීම සදහා.. ඔබ සපයාගත් ඩයිනමයිට් කරල , ඔබගේ මුක මාර්ගයෙන් හෝ..ඔබගේ *ක මාර්ගයෙන් බඩට ඇතුල් කල යුතුය..,(සැයු…ඩයිනමයිට් කරල ඇතුලු කිරිමේදි ,එහි වෙඩිබේත් නූල ,එලියට පැමින සිටින සේ ඇතුලු කල යුතුය..
5.දැන් ඔබගේ ගිනි පෙට්ටිය ගන්න … ඩයින මයිටය පත්තු කරන්න… ඔබගේ බඩේ ඇති ගල කුඩුවනු ඇත…

ඔබගේ පණු අමාරු දැන් නිඨ්ටාවටම සුවයි…
මෙහිදී ඔබ භාවිතා කල ගල ඉවත් කිරීමේ ක්‍රමය ,, බඩේ ගල් ඇති අය සදහාද අත්දුටුයි ,ප්‍රත්යක්ශයි…;)

(මෙය හුදෙක් අත් බෙහෙතක් වන අතර,ප්‍රතිකාර වලින් පසු කිසිම වගකීමක් ,ලියුම් කරු සතු නොමැති බව කරුනාවෙන් සලකන්න..)

Friday, August 24, 2012

ලොතරැයි සිහිනය...


දින 3 , 4ක චාරිකාවක් අවසානයේ නිවැස්න කරා පැමිනෙන ගමනේදි.. මනියා බදුල්ල කොලඹ බස්රථයකට ,බණ්ඩාරවෙල නගරයෙන් ගොඩවුනාලු ඕන්.... දුර ගමන් රථයක්  වූ එහි 3 දෙනා වාඩි වන seat  එකක ජනේලයක් ආසන්නයේ වාඩි වූ මනියා හුදකලා කම්පනාවක ඉන්න අතරතුර මනියගෙ අනිත් seat දෙකට පුන්චි දමිල පවුලක් ආවලු... අම්මයි , තාත්තයි එයාලගෙ හුරතල් අතදරු දූ පටික්කියි...වැඩි සද්දයක් බද්දයක් නැතුව මනිය වෙන්නෙ මොනවද කියල බලා උන්න... මොකො කතාකොරන්න මනිය දමිල භාශාව දන්න එකක්යැයි...(දැන් තමා තෙරෙන්නෙ දෙවන භාශවක අගේ ඉතින්)...

හරිම අහින්සක පුන්චි පවුලක්...පෙනුමෙනම් තරමක් දුප්පත් පාටයි...ඒත් ආදරයෙන් නම් දුප්පත් පාටක් නැ... පියාගෙ මූන බැලුවම මනියට හිතුන බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන.. දුප්පත් කමින් මිරිකිලා... තමන්ගෙ දූ පටික්කිගෙ අනාගතෙ...ප්‍රානවත් කරන්න නලියන ආශාවකින් පෙලෙන අහින්සක මූනක්....

 ඔන්න ඉතින් බසය බණ්ඩාරවෙල නගරය පසකරල දියතලාව පසුකරල ඉදිරියටම ඇදෙනව,,, හදිස්සියෙම බසයට ගොඩ වෙනව ...ලොතරැයි අයිය කෙනෙක්.."අද අදිනවා... අද අදිනවා... ජයමල්ල ලක්ෂ 600 යි ... අද අදිනවා" ... ඔන්න මනිය ඉන්න හරියටත් මනුස්ස්යය ආව.. මනිය ඉතින් ප්‍රතිපත්තියක් විදිහට සූදු වැඩ වලට නැහැ නොවැ...... ඉතින ලක්ෂ 600 ක් නෙවෙයි කෝටි 600 ක් කිව්වත් මනිය නොවේ අහැක් ඇරල බලන්නෙ... ඒත් අනේ අර අසරන පියාට මේක ඇහව්වම ඉහේ මලක් පිපුන වගේ...

 ඒ මිනිත්තු කිහිපය තුල...ලක්ෂ 600 ඇදුනොත් කල හැකි දේවල් පිලිබද සිහින කෝටි ගනනක්  ඔහුට දැනෙන්ඩ ඇති...තමන්ටම අයිති ස්පෝකභෝගී නිවසක් .. තමන්ටම කියල වාහනයක්... තම්න්ටම කියල ස්තිර ආදායම් මාර්ගයක් ... ඒ විතරක්ද... තමන් වැටී සිටින නරා වලේම තම කිරි කැටියා නොවැටී ... ඇයට හොද අධ්යාපනයක් ලබා දෙන්න..ඇගේ අනාගතේ යහපත් එකක් කරන්නට... තමන්ටයි බිරිදටයි ...යහතින් තම කිරි කැටියගෙ අනගතේ සුරක්ශිත කරල මියයන්න ... ආදී එකී මෙකී නොකී හීන බොහෝමයක් දකින්න ඇති... හනි හනිකට වැහරුනු රු .10 නෝට්ටු 2ක් අරගත් ඔහූ .. ලොතරැයි කරුට දී... හොදට තෝරා බේරා ලක්ෂ 600 ක ලොතරැයි පතක් ගත්ත ඕන්...

 කුමක් කරම්ද ලොතරයියක ඇත්ත තත්වය දන්නා මනියා කිසිත් නොදොඩා බලා සිටියාලු...කොහොමින් හරි ලොතරයිය ඒ පුන්චි පවුලේ කිරි කැටියාගෙ වාසනා ගුනෙන් හෝ ඇදුනොත් ... ඒ අහින්සක පියාගෙත් මවගේත් මැවූ සිහින සපළ වේවි.....

Sunday, July 15, 2012

දඩයම.....හාවෙක්ද ..?? මුවෙක්ද...??

මේ සිද්දිය වුනේ එකදහස් නවසිය බර ගනන් වල...මනියටත් ඉන්නව නැයො, ඈයො , වැයොන්ගෙ සහෝල බර ගැන්සියක්... මේක උනේ එයින් එකෙක්ට... මේකයි මායි ගජ ෆිට්...දවසක් දා ඔන්න අපේ නැයො , ඈයො සෙට් එක යනව චාරිකාවක්... ‍ගමන යන්න ඉන්නව හැටපන් කෝටියක් විතර...යන්න තියෙන්නෙ...ජුන්ඩි වැන් එකක් විතරයි... පිරෙව්ව පිරෙව්ව.. දැන් නම් ඇගිල්ලක් ගහන්නවත් ඉඩක් නැ...අන්තිමට මනියටයි ,මනියගෙ ෆිට් එකටයි සෙට් උනේ බඩු දාල තිබ්බ ඩිකිය... සීට් වල යන උන්ට වඩා  ඒක සැපයි කියල තේරුනේ,,, මනීයගෙ සහජ ඉව නිසා... ;)

කොහොමින් කොහොම හරි දැන් සියනැවෙ ඉදන් යනව යනව නව ඉවරයක් නැ... අපි ඩබලටත් මොකෝ...අනිත් සෙට් එක වගේ නෙවෙයි ,, හොදට අතපය දිග ඇරල යනව... ඔය අතරෙ  මනියට පේනව මගෙ ඉස්සරහ ඉන්න පොර ටික ටික ඇබරෙනව... එහාට මෙහාට දගලනව... මිනිහගෙ මූනත් හරිනැ .... මූන නිකන් ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක්ගෙ වගේ ... "මචන් මොකද්ද අවුල " මනිය අහුව... මූගෙ කිසිම ප්‍රතිචාරයක් නැ..."කියපන් යකෝ මොකද්ද තොට එක පාරටම උනේ"... මේක තවත් ඇබරෙනවා... "අයියේ මට හාවෙක් අල්ලන්න ඕන" මේක කියපි... ඉතින් යකො අවුලක් නැනෙ.... "වාහනෙ නවත්තන්න කියමු... " මනිය කිව්ව..... "බැ අයියෙ මට මාමලට කියන්න ලැජ්ජයි , නන්ගිල අක්කලත් ඉන්නව...මට ලැජ්ජයි.." ..... මේකට ලැජ්ජලු.... මනිය කියන්න හැදුවට ,, මනියට කියන්න දෙන්නෙත් නැ... මනියට බයයි මේක දැන්... ඩිකියෙ හාව අල්ලයිද කියලත්... මේක ඩිකියෙ හාව ඇල්ලුවොත් ඉතින් ඉදල හමාරයිනොවැ....
කොරන්න දෙයක් නැ.. වාහනෙත් යනව 100 ට 120 ට... මනිය ඉතින් කවදත් අවට ඇති ස්ම්පත් උපරිම ප්‍රයෝජනයට ගන්න සරල මනුස්සයනෙ... මනිය බැලුව වටපිට... ඩිකියෙ මොනාද තියෙන්නෙ කියලා... මනියගෙ... ටින් ටින් මොල කැටේට පොඩි සක්කල බරියක් පහල උනා... මේ තියෙන්නෙ හොද බඩුවක්... ගත්ත පෙට්‍රොල් දාන්න තිබ්බ හිස් කැන් එක.... "යකො තෝ අල්ලන හාවෙක් මෙන්න මේකටවත් අල්ලපන් මම අහකබලා ගන්නම්, නෙත්තම් තොට ලැජ්ජයි නෙ...." ,,,,,, "අයියෙ අක්කල බලයිද...".... "යකෝ කටවහගෙන ඔන්න ඕකට අල්ලපිය..."
මේකටත් ඉතින් කොරන්න දෙයක් නැතිම කමට අල්ලපි හාව, පෙට්‍රොල් කැන් එකට.... ඔන්න ඔහොමයි මනියගෙ මල්ලිකාරයෙක් හාවෙක් දඩයම් කොලේ....
පස්සෙ දවසක මනියට ආරන්චි උනා වැන් එක පෙට්‍රොල් නැති වෙලා පෙට්‍රොල් දාල මාස ගනනකට ගරාජ් ගතකොරල තියන්න උනා කියල.... ("හා" තෙල්වල පවර් එකට ;))



                          මේසිද්දිය නම් උනේනම් වැඩි ඈතක නෙවෙයි,,, ........සිද්දිය උනෙත්..... කොයි කවුරුත් දන්න... මනියගෙ ගජම ගජ ගජයෙක්ට.... මේක ගෙදර ගොහින් හොස්ටල් එන්න ගොඩ උනා වවුනියා  කොලඹ බස් රතේකට....මේකට ඊට කලින්දා රාත්‍රියෙ කාපු කොත්තුව චුට්ටක් අබ්ලික් වෙලා උන්නෙ... කොහොම හරි කුරුණැගලින් නැග්ග මේක කොහොම හරි දඹුල්ලටත් කිසි කේස් එකක් නැතුව ආව...මේක බස් එකට නගිනකොටත් බන්ඩිය ජුන්ඩ ජුන්ඩ සද්ද දදාලු තිබ්බෙ... දඹුල්ල පැන්න විතරයි... මේකගෙ අධෝමාර්ගෙ කිති කැවෙන්න ගත්ත... මේක දැන් බස් එක අතුලෙ බ්‍රේක් ඩාන්ස්, හිප්හොප්, උඩරට , පහතරට ,මැදරට , රජරට,,, තියෙන ඔක්කොම ඩාන්ස් දානව... බස් එකේයන ඇන්ටිල , අක්කලගෙ කුඩ පාරවල් කන්න ඔන්න මෙන්න... ඇයි ඉතින් .. මේකගෙ තියන කූපාඩිකම ඕන එකෙක්ට මූන බැලුවම කියන්න පුලුවන්....
      මුට දැන් ඉන්නම බැ... "මුවා" පනින්න ඔන්න මෙන්න... කොරන්න දෙයක් නැතිම කොට.. මේක දැන් හෙමින් හෙමින් ඩ්‍රයිවින් සීට් එක ලගට කිට්ටු වෙනව... මූට දැන් ඉන්නම බැරි කොට කියපි නේද ඩ්‍රයිවර් මාමට...

"අනේ බුදු මාමෙ , මට මුවෙක් අල්ලන්න ඕන..... අනේ කොහෙන් හරි නවත්තන්නකෝ , නැත්තම් මුවා මගෙ කලිසමේ".....


මල හත්තිලව්වේ... මේක හින්ද මුලු බස් එකම හෝදන්න බැ කිව්ව ඩ්‍රයිවර් මාමා... නැවැත්තුවෙ නැතැ බස් එක මහ කැලයක් මැද... බොන්න ගත්තු වතුර බෝතලෙත් අරන් මේක පැනපි නැතැ බස් එකෙන් එලියට...
(විනාඩි 10කට පසු )
අත්දෙක වන වනා ෆට්ට හැපි එකේ ආව ගොයියගෙන් ඩ්‍රියිවර් මාමා අහපි....

"කොලුවො මුවා උන්නද කැලේ"


"ඔව් ඔව් මාමෙ අල්ලුවයින් ඇල්ලුවෙ නැ මෙච්චර තඩි මුවෙක්....." කියාගෙන මේක රින්ගපි ආයෙත් අර ඇන්ටිල අස්සටම... ;)




දාමු බලන්න කොමෙන්ටුවක්...

Wednesday, July 11, 2012

මෙලෝ දෙයක් කම්පනාවට එන්නෙ නැ ඕයි...


බ්ලොගය ලියන්න කලින් නම් මනියට ගොඩාරියක් දේවල් තිබ්බ ලියන්න හිතාගෙන හිටිය.
ඒත් අම්මප දැන් නම් මෙලෝ සසරක් කම්පනාවට එන්නෙ නැනොවැ..
මේ දවස් වල දවස ගෙවෙන්නෙ ඉතින් පුටුවක් උඩට වෙලා 15'6 කොටුව දිහා බලා ඉන්න එකෙනුයි, දවස පුරාම ඇලර්ට් දදා ඉන්න එකෙනුයි තමා ඕන්...

මනියගෙ ජීවිතේ මෙතෙක් කරපු දේවල් දිහා ආපසු හැරිල බලනකොට තමා තෙරෙන්නෙ,,  කරල තියෙන්නෙ වැඩ කොච්චර අල්ප ප්‍රමානයක්ද කරල තියෙන්නෙ ,,, තව ඔක්ච්චර ජීවිතේ ඉස්සරහට වැඩ කරන්න තියනවද කියල හැබයි කරපු දෙවල් දිහා හැරිල බලනකොට කවදාවත් පසුතැවිලි වෙන්න දෙයක්නම් කරල නැ නේද කියල හිතෙනකොට අහින්සක සතුටක් දැනෙනව..
නමුත් ජීවිතේ මෙච්චර නාකි වෙලත් තාම මනිය කැම්පස්නෙ,නේද කියල හිතෙනකොට හීනියට වගෙ දුකකුත් නැතුව නොවෙයි.
"උගතමනා ශිල්පයමයි මතු රැකෙනා" 
කියන තියරි එකට අනුව හිතුව මනියගෙ අම්මටයි ,තාත්තටයි ඕනි වුනේ , ඔවුන් ලබුවාට වඩා
 ඉහල අධ්යාපනයක් මනියට දෙන්න....පාසලේ 5 වසර කඩයිමේදි හෙවනැල්ලක් වගෙ හිටපු අම්ම නිසා ... ඒකත් ගොඩදා ගත්ත...6,7,8,සහ 9 වසර වලදි මොට්ට පාල කෙනෙක් වුන මනියට .... ඉන්න ට්‍රැක් එක මාරු කරන්න ඕනි කියල හිතුනෙ... අසරන අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු ඉටු කරන්න ඕනි කියන සිතිවිල්ල බොක්කටම වැදුනෙ ,9 වසර වාර අවසාන විභාගයෙ ප්‍රතිපල දැක්කම ...කොහොමින් කොහොම හරි 10 ,11 වසර වලදි ගොනා ගානට වැඩ නොකර.... ජරමර අබිලික් වැඩ අස්සෙ..අධ්යාපනය ගැනත් හිතුව නිසා විශයන් 10න් 9 කට කවුරුත්හොදයි කියල කියන අකුරක් ගත්ත....
ඒකත් ඉවරයි... 
ඒත් පූරුවෙ කරපු පිනකට ඒ ලෙවල් පන්තියෙ 3 පාරක්ම ඉන්න වාසනාව උදා වුනා....
ඒකත් ගොඩ දාපු  මනිය කැම්පස් ආව ඕන්...
මේකට ඇවිල්ලත් තව කොච්චර කාලයක් ඉන්න වෙයිද දන්නෙ නැ...
මොකද කියනවනම් රටේතියන පාලන තන්ත්‍ර වල ගොන්බූරු ක්‍රියා කලාප නිසා අසරණ වෙන්නෙ මනිය වගෙ අහින්සක ශිශ්යයො..
ඒමදිවට non-academics ලා strike....ඒක ඉවර වෙනකොටම lecturers ලා strike ...පොදු ඉල්ලීම් සමූහයක් නිසා වෙන්න පුලුවන්... ඒත් අපිට මේ හත්තිලව්වක් හින්ද ගෙදෙට්ට වෙලා
බකන්නිලාගෙන ඉන්න වෙලා ...කවුරු කොහොම කිව්වත් ඇත්ත ඒකයි....
මනිය හිතන විදිහටනම්...කවුරු කොච්චර අසරන වෙලා හිටියත්... දෙයක් වෙනුවෙන් තවත් කෙනෙක්ගෙ ජීවිත බිල්ලට දෙන එක බොහෝම වැරදියි...
කැම්පස් එකේ අවුරුදු 3 ඩිග්‍රිය ඉවර කරන්න අවුරුදු 5ක් යනවනම් මොකද්ද ඒකෙ තියන වටිනාකම... ජීවිතයෙ වටිනාම, තරුණ කාලයම පොත්ගොඩකට යටවෙලා ඉන්න වෙන එකේ තියන අර්තය මොකද්ද...කොල්ලෙක්ටනම් ටිකක් හරි ශේප් කියමුකො... ඒත් කෙල්ලො,,,,, උන් මේකටම නාකිවෙලා  final year වෙනකොට ... කසාද බැදල බඩවලුත් උස්සගෙන lectures යන තත්වයක් උදාවෙන එක සිකුරුයි...
කොතනද වැරැද්ද...??


Strike කරන මොවුනුත් බොහෝ දෙනෙක් සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහත්මයගෙ නිදහස් අද්යාපනේන් පාසල් විශ්ව විද්යාල වලට අවුත් ඉගෙනගෙන ඉහලට පැමිනි බුද්ධිමත් පුද්ගලයො..... අලගෙඩි තරම්වත් මොලයක් නැති පාලක පක්ශයෙන්... තම ඉල්ලීම් දිනාගනිම උදෙසා වැඩවර්ජන ක්‍රියත්මක කිරීම නිසා ,,,, රටට අහිමි වන්නෙ... රටේ අනාගත ශ්‍රම බලකායමයි...
මෙය අධ්යාපනයට පමනක් පොදු වූවක් නොවෙයි... රටේ අනෙකුත් ක්ශෙත්‍රයන් දෙස බලුවත් දැකිය හැකි පොදු දෙයක් බවට පත්වී හමාරයි....ඇත්තටම මනියට මේ ක්‍රමය ගැන තියෙන්නෙ මහ පිලිකුලක්...
ඇතැම්විට කෙනෙක් මනියගෙ කතාවට සම්පූර්න ප්‍රතිවිරුද්ද මතයක් දරන්න පුලුවන්... තවකෙක් කියයි මනිය මහා ආත්මාර්තකාමියෙක් කියල... නමුත්... ඒක මනියගෙ අදහස....


දාමු බලන්න කොමෙන්ටුවක්....




Sunday, July 1, 2012

Love

මැටි වදන් කෝටියයි
බොලද බස් රාශියයි...
ඇත සතුට උපරිම
දුකද ඇත ෆට්ටෙටම...

හැකිය කිමිදිය සයුරේ කල්පනා
දින ගනන් සති ගනන් මාස් ගනන්..
 ගන්නා තුරු ඕකේ එක,
ඇත රසය නැතිවෙන්න..

කියු කියම් කෙරු කෙරුම් කල් මෙතෙක්
වෙයි වෙනස්  එක් ගොන් වදනකින්
කරනු ලව් දැනගන්න
වචනයක වැලිව් එක..

ලබුවෝ අත්දැකීම් පැවසුවේ එසේය
නොලැබ එක අත්දැකීමක් සිටී මනි තනිකඩව
කරනු ලව් ඔබලාද
කෙහෙල්මල් මලඉලව් ලව්...........